බැංකුවක් කොල්ල කා පළාගිය ගුවන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ – උස්මුදුලාව ග්‍රාමීය බැංකුව කොල්ල කා පළාගිය ගුවන් හමුදා සෙබලෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්බෝම්බයක් පෙන්වා ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනිය බිය ගන්වා එහි තිබූ රුපියල් එක්ලක්ෂ 36,000 ක මුදලක් කොල්ල කා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, දේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සහ සෙල්ලම් පිස්තෝලයක් සොයාගෙන ඇති අතර, 47 හැවිරිදි ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?