බාල සහෝදරයාගේ ඝාතනයට ඇල්ලූ වැඩිමල් සහෝදරයා සහ බිරිඳ රිමාන්ඩ්

අම්බලන්තොට, මාමඬල ප්‍රදේශයේ දී විදුලි රැහැන් ඇද බාල සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වැඩිමල් සහෝදරයා සහ ඔහුගේ බිරිඳ ලබන බස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා ඊයේ (26) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 25 වනදා අලුයම් කාලයේ දී සිය වැඩිමල් සහෝදරයාගේ නිවසේ නවතා තිබූ ත්‍රිරෝද රථයේ බැටරිය සොරකම් කිරීමට පැමිණි බාල සහෝදරයා අනවසර විදුලි රැහැනක පැටලී එම ස්ථානයේ ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී වැඩිමල් සහෝදරයා පැමිණ බිම වැටී සිටි බාල සහෝදරයාට යකඩ බටයකින් පහර දී අත් පා ගැටගසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිසිය පැමිණ සිදුකළ පරීකෂා කිරීමේ දී අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක අම්බලන්තොට, මාමඬල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඒ, අනුව බාල සහෝදරයාගේ ඝතනය සම්බන්ධයෙන් වැඩිමල් සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 49 සහ 44 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි අයෙක් වන අතර, රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණ සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

අපරාධය සඳහා යොදාගත් විදුලි රැහැන සහ යකඩ බටය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?