බාල සහෝදරයාගේ ඝාතනයට ඇල්ලූ වැඩිමල් සහෝදරයා සහ බිරිඳ රිමාන්ඩ්

අම්බලන්තොට, මාමඬල ප්‍රදේශයේ දී විදුලි රැහැන් ඇද බාල සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වැඩිමල් සහෝදරයා සහ ඔහුගේ බිරිඳ ලබන බස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා ඊයේ (26) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 25 වනදා අලුයම් කාලයේ දී සිය වැඩිමල් සහෝදරයාගේ නිවසේ නවතා තිබූ ත්‍රිරෝද රථයේ බැටරිය සොරකම් කිරීමට පැමිණි බාල සහෝදරයා අනවසර විදුලි රැහැනක පැටලී එම ස්ථානයේ ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී වැඩිමල් සහෝදරයා පැමිණ බිම වැටී සිටි බාල සහෝදරයාට යකඩ බටයකින් පහර දී අත් පා ගැටගසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලිසිය පැමිණ සිදුකළ පරීකෂා කිරීමේ දී අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක අම්බලන්තොට, මාමඬල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඒ, අනුව බාල සහෝදරයාගේ ඝතනය සම්බන්ධයෙන් වැඩිමල් සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 49 සහ 44 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි අයෙක් වන අතර, රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණ සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

අපරාධය සඳහා යොදාගත් විදුලි රැහැන සහ යකඩ බටය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

  1. DRUG GANNA EKEK PAWULAKA HITIYOTH ANITH EWUNTA BERUMAK NAHE. U THADI SIZE NAM GUTIKALA IWARAYAK NAHE. U DALA ENAKOTA PAWULE UN BAYEN GULIGAHILA INNAWA. MEKA HEMADAMA KARANNA BAHE NE. MU HEMADAMA SALLI ILLALA GUTI PUJA WALI KUNUHARUPA NAWANAWA ATHI. MU 3WHEEL EKA USSANAWA KIYALA EKKO UMA KIYANNA ATHI, NATHINAM NEWS EKAK LABENNA ATHI, NAMUTH MUGEN GUTI KANNA BERI NISA THAMUNGE EKAMA WASTHUWA BERA GANNA ONA NISA MEHEMA KARANNA ATHI. MEKA MARANNA HITHAGENA KALA EKAK KIYALA OPPU KARANNA AMARUYI. U MOKTADA ANUNGE WATHTHAKATA MAHA REYE PENALA HORAKAME GIYE. METHANA GEDARA EWUNUTH AMANUSHIKAYI. MUTA WADUNAMA KE GAHALA DANGALANA, ETHAKOTAWATH OFF KARANNA THIBUNA. ETHANADI OWUN MINEE MARUWA WENAWA. AHUNE NAHE, DANNE NAHE, DAKKE NAHE KIYANNA BAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ
01:19
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න
01:39
Video thumbnail
මහර බන්ධනාගාරය ඇතුලත සිදුවූ විනාශයක තරම දැක්වෙන පළමු වීඩියෝව මෙන්න..
01:56
Video thumbnail
නොසන්සුන්වූ මහර බන්ධනාගාරයේ ඇතුළත දර්ශන මෙන්න - ඔබ නොදුටු දසුන් සියල්ල එළියට
02:58
Video thumbnail
STF නිලධාරින්ගේ මෙහෙයුමෙන් කොටුවූ වියළි ගංජා නිෂ්පාදනාගාරය..කෝටි 2ට ආසන්න ගංජා තොගයක් කොටු
02:07
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් එක්ක UNI BUFFEL සන්නද්ධ රථ පිටව යයි
04:19
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිට පිටව යන සන්නද්ධ රථ - බල ඇණිත් පිටව යන අයුරු
01:43
Video thumbnail
බන්ධනාගාරයේ දේපළ රැසක්ම විනාශ කරලා - තත්ත්වය දැන් සන්සුන්..රැඳවියන්ට අවශ්‍ය ආහාර දැන් දෙනවා
02:57
Video thumbnail
බන්ධනාගාරය තුල සිදුකළ ජයග්‍රාහී මෙහෙයුම ගැන SDIG හඬ අවදි කරයි..
02:24
Video thumbnail
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් - අද උදෑසන වෙනකල් නොසන්සුන්කම තිබුණා
04:04