බාලවයස්කාර දරුවාට හදිකරන්න ගිය කාමාතුරයා සොයා විමර්ශන

වයස අවුරුදු 13ක වන බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ ආඩිගම – සූරක්කුලම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

ආඩිගම – සූරක්කුලම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් තම පියා සමඟ කුඹුරට ගොස් නැවත තනිව පැමිණෙමින් සිටිය දී අතර මඟ දී සැකකාර පුද්ගලයා විසින් දරුවාව රතඹලාඔය ආසන්නයේ ඇති කැලෑවකට ඇදගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

එහිදී දරුවා සැකකරුගෙන් පලාගොස් සිද්ධිය පිළිබඳව තම පියාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව දරුවාට සිදු වූ සිද්ධිය පිළිබඳව පල්ලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
3
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38