Empty Ad
AFC Banner
Empty Ad

බාල බෙහෙත් සිද්ධියට කලින් කැබිනට්ටුවේ ජනපති, අගමැති ඇතුළු 05ක් තවමත් ප්‍රකාශ ලබා දී නැහැ

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනා⁣ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළ ද මේ දක්වා හිටපු ජනාධිපති, හිටපු මුදල් ආමාත්‍ය රනිල් වික්‍රමසිංහ , හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා නොදුන් බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

අද මළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මේ බව දන්වා සිටියා.

එහිදි මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළේ එම කැබිනට් අමාත්‍යවරුගේ ප්‍රකාශ ලබාගෙන එහි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ දක්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් හිටපු අමාත්‍යවරු 15 දෙනාගෙන් ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩනය වාර්තා නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 12 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පළමුවන සැකකරු වන සමාගම් හිමිකරු සුදත් ජනක පෙරේරා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පළමු සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලා සිටිය ද ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය ලබන දෙසැම්බර් 13 දක්වා පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

සෙසු සැකකරුවන් 11 දෙනාට ලබන වසරේ පෙබරවාරි 21 නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද එහීදි නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?