බාල බෙහෙත් සිද්ධියට කලින් කැබිනට්ටුවේ ජනපති, අගමැති ඇතුළු 05ක් තවමත් ප්‍රකාශ ලබා දී නැහැ

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනා⁣ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළ ද මේ දක්වා හිටපු ජනාධිපති, හිටපු මුදල් ආමාත්‍ය රනිල් වික්‍රමසිංහ , හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා නොදුන් බව නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

අද මළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මේ බව දන්වා සිටියා.

එහිදි මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළේ එම කැබිනට් අමාත්‍යවරුගේ ප්‍රකාශ ලබාගෙන එහි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ දක්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් හිටපු අමාත්‍යවරු 15 දෙනාගෙන් ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩනය වාර්තා නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 12 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පළමුවන සැකකරු වන සමාගම් හිමිකරු සුදත් ජනක පෙරේරා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පළමු සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලා සිටිය ද ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය ලබන දෙසැම්බර් 13 දක්වා පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

සෙසු සැකකරුවන් 11 දෙනාට ලබන වසරේ පෙබරවාරි 21 නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද එහීදි නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16