බාල ඖෂධ ගෙන්වූ නඩුවේ සැකකරුවන් සිව්දෙනෙකු දරුණු මානසික රෝගී තත්ත්වයක?

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට (22) රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් සිව්දෙනා දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමු කර ඇප ලබා දෙන ලෙස එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊයේ (22) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත් බෝගහපිටිය මහත්මිය නියෝග කළේ ඊට අදාළ ඉල්ලීම් මෝසම් පත්‍රයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පළමු සැකකරු වන සුදත් ජානක, හත්වන සැකකරු වන රත්නකුමාර හේරත්, අටවන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ 12 වැනි සැකකරු වන විජිත් ගුණසේකර යන වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට එහිදී අවසර ඉල්ලා තිබෙනවා.

එම සැකකරුවන් හතරදෙනා හෘද රෝග, මානසික රෝග, පිළිකා රෝග, කායික රෝග, සහ ආමාශ රෝගවලින් පෙලෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදී ඉල්ලා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

හයවන සැකකරු ජනක චන්ද්‍රගුප්ත සහ දහවන සැකකරු සමන් රත්නායක යන සැකකරුවන් දෙදෙනා ජීවිත අවදානම් තත්ත්වයක පසුවන හෘද රෝග සහ විශාදය රෝගයෙන් පෙලෙන බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවක් මගින් කරුණු තහවුරු කර ඇති අතර ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 08 වැනිදා නියෝග කළා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේගෙදර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සෙසු සැක­ක­රුවෝ වනවා.

මෙහි සිව්වැනි සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක යන අය පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර තිබෙනවා.

එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටින අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා ඇති බවයි පැවසෙන්නේ.

12 වන සැකකරු වන විජිත් ගුණසේකරගේ රෝගි තත්ත්වය උත්සන්න වී ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු බව ද වාර්තා වනවා.

ඒ පිළිබඳව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැන්වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු අනෙක් සැකකරුවන් හතරදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

සැකකරුවන් 12නා ගෙන් හත් දෙනෙකු ඇපමත මුදා හැර ඇති අතර එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් අධිකරණයට දැනුම්දුන්නා.

ඉතිරි සැකකරුවන් සිව්දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 02 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
13
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17