spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බාලවයස්කාර බිරිඳ සහ සැමියා පොලිසියේ දී මිය ගිහින් – ගම්මු පොලිසිය ගිනිබත් කරයි

බිහාර් ප්‍රාන්තයේ තාරාබාරි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ප්‍රදේශවාසීන් විසින් පහර දී ගිනිතබා අලාභ හානිකර තිබෙනවා.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී පුද්ගලයෙක් සහ ඔහුගේ බාල වයස්කාර බිරිඳ මියයාම සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත්ව ප්‍රදේශවාසීන් විසින් මෙලෙස පොලිස් ස්ථානයට හානිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පොලිස් අත්අඩංගුවේ දිවිය දී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ බිරිඳ මීට වසරකට පමණ පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව ඔහු මීට දින දෙකකට පෙර පෙර තම නැසීගිය බිරිඳගේ 14 හැවිරිදි සහෝදරිය සමඟ විවාහ වී තිබෙනවා.

එම විවාහය සම්බන්ධයෙන් තොරතුරු දැනගත් පොලිසිය ඔවුන් දෙදෙනාව පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පොලිසිය විසින් කැඳවාගෙන ගොස් ඇත්තේ විවාහයේ කාන්තාව වයස අවුරුදු 18ට අඩු බාලවයස්කාරියක් වීම හේතුවෙන්.

පොලිසිය තුළ රඳවගෙන සිටිය දී මෙම යුවළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රදේශවාසින් පවසන්නේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාට සිදුකළ පහරදීම් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

දෙදෙනාගේ මරණය පිළිබඳ පුවත ප්‍රදේශයේ පැතිරීමත් සමඟ කෝපයට පත් ප්‍රදේශවාසීන් තාරාබාරි පොලිසිය වට කර පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ගොඩනැගිල්ලට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් ස්ථානයට ගිනිතබා ඇති අතර, මෙම සිද්ධියෙන් අවම වශයෙන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
0
+1
4
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?