Empty Ad
AFC Banner
AFC Banner

බාප්පා සමඟ සමීප ඇසුරක සිටි දුව බාප්පාගේ තියුණු ආයුධ ප්‍රහාරයෙන් මරුට

පල්ලෙවෙල පොලිස් වසමේ හාපිටිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම විවාහක කාන්තාව හාපිටිගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව සිය පියාගේ මල්ලී (බාප්පා) සමඟ කුලී පදනම මත හාපිටිගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර, එහිදී ඔහු සමඟ ඇති වූ ආරවුලක දී බාප්පා ඊයේ (20) ඇයට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එහිදී බරපතළ කැපුම් තුවාල ලබා සිටි එම කාන්තාව මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකාර 59 හැවිරිදි බාප්පා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු සොයා පල්ලෙවෙල පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදයංග වෙස් මාරුකරයි - ජනපති සමග වැඩ අරඹන උදයංග
06:11
Video thumbnail
Breaking News🛑හැටන් ප්‍රදේශයේ බිහිසුණු බස් රථ අනතුර #breakingnews
02:25
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
01:17:41
Video thumbnail
කන්ඩලමේ සැඟවුණ එක්දරු පියා - දැලක පැටළී මළ සිරුර හමුවෙයි
02:25
Video thumbnail
බිත්තර මිළ තවදුරටත් පහළට - නත්තලට සැපේ ඉන්නයි තියෙන්නේ
06:38
Video thumbnail
ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් අපිට නෑ - මේ නාඩගම නවත්වන්න ඕනි
07:34
Video thumbnail
සංජීව එදිරිමාන්න කොර - ආණ්ඩුවේ මන්ත්‍රී එළිපිටම රෙදි ගලවයි
03:25
Video thumbnail
මහ මොල් කරුවන්ට මුදල් හම්බ කරගන්න දීලා ආණ්ඩුව බලන් ඉන්නවා
04:56
Video thumbnail
ආණ්ඩුවේ ඇත්තෝ මාදිවෙල නිවාස ගත්තද ? හතුරෙක්වත් මෙහෙම අසරණ වෙන්න එපා
04:37
Video thumbnail
මියන්මාර ජාතීන් රැගත් බහුදින යාත්‍රාවක් - මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ගොඩ ගසයි
03:16

?