Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බ්‍රැඩ්බි පළිහ දෙවන තරගය නැරඹීමට ජනපති එක්වෙයි (ඡායාරූප)

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති බ්‍රැඩ්බි පළිහ තරගයේ දෙවන තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබෙනවා.

ශ්‍රී ලාංකේය පාසල් රග්බි පිටියේ පැරණීතම හා ප්‍රමුඛතම රග්බි තරගය ලෙසටයි මෙම තරගය සැළකෙන්නේ.

77 වන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ තරගය අද පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයී ක්‍රීඩා සංකීර්ණයේදීයි.

මෙම තරගයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදා ලකුණු 27-17ක් ලෙස ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.