බහුදින ධීවර යාත්‍රා 1,500කට යෝග්‍ය නිරීක්ෂණ පද්ධති අනිවාර්යයි – වියදම රජයෙන්

නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ ධීවර යාත්‍රා යොදාගෙන කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම් සහ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට හඳුනාගෙන තිබෙනවා.

එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දේශීය වශයෙන් ද, කලාපීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා.

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටුනා කොමිසමේ සාමාජිකයෙකු වන අතර, එම කොමිසමේ නිතිරීති අනුව ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත සෑම ධීවර යාත්‍රාවක්ම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය මඟින් අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු වනවා.

දැනට ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා 5,200 ක් අතරින් බහුදින ධීවර යාත්‍රා 4,200 ක් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු නිරීක්ෂණ පද්ධති උපාංග සවි කරනු ලැබ තිබෙනවා.

2021-01-01 දිනෙන් පසුව අලුතින් ලියාපදිංචි කරනු ලබන සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කිරීම අනිවාර්ය බැවින්, එදින සිට ලියාපදිංචි කරනු ලබන යාත්‍රා සඳහා යාත්‍රා හිමියන් විසින් යාත්‍රා නිරීක්ෂණ පද්ධති උපකරණ මිල දී ගෙන සවි කර ගැනීම සිදු කරනු ලබනවා.

2021-01-01 දිනට පෙර බහුදින ධීවර යාත්‍රා වශයෙන් ලියාපදිංචිව දේශීය මුහුදේ මෙන්ම ඇතැම් අවස්ථා වලදී ජාත්‍යන්තර මුහුදේ ද රැකියාවේ නිරත යාත්‍රා නිරීක්ෂණ පද්ධති නොමැති බහුදින ධීවර යාත්‍රා සහ එක් දින ධීවර යාත්‍රා 1,500ක් පමණ තිබෙනවා.

ඒ අතරින්, අඩි 34ට වඩා දිගින් යුත් යාත්‍රා 400 ක් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමට හැකියාව පවතිනවා.

ඊට අමතරව පවතින යාත්‍රා 1,100 ඒවායේ එන්ජින් ධාරිතාව හා ඉන්ධන ධාරිතාව අනුව ඉතා දිගු කලක් මුහුදේ ගත කිරීම සඳහා ප්‍රමාණවත් තාක්ෂණික යෝග්‍යතාවක් නොමැති යාත්‍රා වනවා.

ඒ අනුව, එම යාත්‍රා 1,500 සඳහා ද යෝග්‍ය නිරීක්ෂණ පද්ධති සවි කිරීම අනිවාර්ය කිරීමටත්, ඒ සඳහා වන වියදම රජය විසින් දැරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි සහ නව චීන තනාපති අතර හමුවක්
01:06
Video thumbnail
පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි රිමාන්ඩ්
00:58
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ#
01:03
Video thumbnail
ලංකාවේ පාසල්වලින් බාගයක් වහලා දාන්න යන්නේ ?පාසල් පද්ධතියේ දැවැන්ත ගුරු හිඟයක් තියෙනවා
05:37
Video thumbnail
රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ් - බන්ධනාගාරයට ගිය හැටි
01:09
Video thumbnail
කැත රියදුරන් සහ කොන්දොස්තරලා ගැන ලාල්කාන්ත කිව්ව කතාව - තමන් උපයන එක අනුන්ට යන්න බෑ
02:44
Video thumbnail
දෙමටගොඩ කළු පාලම යට පත්තු වූ වෙ# - ත්‍රීරෝද රථ රියදුරු එතනම එළොව යයි
01:22
Video thumbnail
ඔව් මන් කොටියෙක් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:28
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24