බහුතරය පෙන්නුවොත් වත්මන් ආණ්ඩුව විපක්ෂයට යනවා – පොහොට්ටුවේ මහ ලේකම් කියයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන බහුතරය වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට තිබෙන නිසා එය අමුතුවෙන් පෙන්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා

දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 120 ක් තම පාර්ශවයට තිබෙන බව පවසන අය කළයුතේ ඒ පිළිබඳව මාධ්‍ය සාකඡා පවත්වමින් රටට පැවසීම නොව ව්‍යස්ථානුකූලව එය පාර්ලිමේන්තුවේ දී ඔප්පුකර පෙන්වීම බව ද ඔහු පවසනවා.

එලෙස පෙන්වන ඕනෑම වෙලාවක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විපක්ෂයට යන බව ද ඔහු සඳහන් කළා.

දේශපාලන වශයෙන් රට අරාජික කරමින් තව දුරටත් රට අස්ථාවර කිරීම් අවස්ථාවාදී ඇතමුන්ගේ උවමනාව උවත් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් ජනතා ගැටළු අවසන් කර රට ස්ථාවර තත්වයකට ගෙන ඒ ම බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?