බෝරා ප්‍රජාවේ නායකයා සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයන් ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළා.

එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාදය පළ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළා.

බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48