බස් සහ කෝච්චිවල දී ලැප්ටොප් උස්සන හොරෙක් අත්අඩංගුවට

බස් රථවල සහ දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක සොරාගත් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

කොළඹ සිට අලුත්ගම, කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථවල සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන් හී ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක මම සැකකරු විසින් බහුලව සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ලැප්ටොප් පරිගණක සොරගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඉතා සූක්ෂම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු මෙම සොරකම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හොරණ, හල්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍ර 07ක් සහ ජංගම දුරකථන 05ක් විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවිකර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (13) හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15