බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ නියමු වැඩසටහනක්

මෙරට දෛනික මගී ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය බස් රථ ප්‍රවාහනය වන අතර, එකී සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ස්වාධීන පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් විශාල සංඛ්‍යාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

පොදු මගී ප්‍රවාහන සේවා සැපයීමේදී කලක් තිස්සේ ක්‍රියාත්මක වන එම මෙහෙයුම් ක්‍රම වේදය හේතුවෙන් අධික තරගකාරිත්වය, නියමිත කාලසටහන් පිළිපැදීමේ දුර්වලතාව, මාර්ගවල අධික බස් රථ ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම, බස් රථ ධාවනයේ අනාරක්ෂිත හැසිරීම්, මගීන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා, රථ වාහන තදබදය, සේවා අසමතුලිතතාවය සහ සම්පත් අකාර්‌යක්ෂම ලෙස භාවිත කිරීම වැනි ගැටලු රැසක් පැන නැගී තිබෙනවා.

එවැනි ගැටලු සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල ‘ බස් රථ ක්ෂේත්‍ර පොකුරු කරණය’ (Bus Sector Clustering) හඳුන්වා දී එකම ප්‍රවාහන කොරිඩෝවක හෝ භූගෝලීය ප්‍රදේශයක ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් ඒකාබද්ධ කළමනාකරණයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබනවා.

එකිනෙකට සම්බන්ධ මාර්ග වල ධාවනය වන බස් රථ සේවාවන් තනි තනි මෙහෙයුම් ඒකක ලෙස නොව, ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කරන ලද සේවා පොකුරක් ලෙස කළමනා කරණය කිරීමේ ක්‍රම වේදයක් වන බස් රථ ක්ෂේත්‍ර පොකුරු කරණය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීම මඟින් ඵලදායි මගී ප්‍රවාහන සේවාවක් සැලසීමට මෙන්ම, වර්තමානයේ බස් රථ ක්ෂේත්‍රය තුළ පවතින බොහෝ මෙහෙයුම් හා සාමාජීය ගැටලු අවම කර ගැනීමට හැකියාවක් පවතින බව හඳුනා ගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, ප්‍රථම කොට, බස් මාර්ග අංක 170, 177 සහ 190 ආවරණය වන බස් රථ කොරිඩෝවන්හි ක්ෂේත්‍ර පොකුරුකරණයට අදාළ නියමු වැඩසටහනක් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රතිඵල මත එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40