බස් රථයෙන් විසිවී පුද්ගලයෙකු මරුට

පානදුර සිට කළුතර බලා ධාවනය වූ බස් රථයක කොස්දොස්තරවරයෙකු පානදුර උතුර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගමන් ගනිමින් තිබූ බස් රථයේ පිටුපස දොරෙන් විසි වී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියකට අදාළව බස් කොස්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයකු වන අතර අදාළ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. මගී ආරක්ෂාව තහවුරු කිරීම කොන්දොස්තරවරයාගේ වගකීම බැවින් ඊට අදාළව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් ස්ථානය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?