AFC Banner
AFC Banner
Empty Ad

බස් ගාස්තු සංශෝධනය කළ ක්‍රමය ගැන ගැමුණුගෙන් අප්‍රසාදයක් (වීඩියෝ)

ඉන්ධන මිල අඩු කළ දිනට පසුදින ම බස් ගාස්තු සංශෝධනය කිරීම ප්‍රායෝගික නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

සභාපතිවරයා පෙන්වාදෙන්නේ 30 වැනි දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කළ ද, ඊයේ (01) පස්වරුවේ බස් රථ ගාස්තු සංශෝධනයට තීරණය කළ බවයි.

නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අදාළ බස් රථ ගාස්තු සංශෝධනය පිළිබඳ ව නව සංශෝධිත පත්‍ර රියදුරු හා කොන්දොස්තරවරුන් වෙත යාමටත් පෙර පහත දැමුණු ගාස්තු ප්‍රවේශ පත්‍ර ඊට පසුදින උදෑසන සිට ක්‍රියාත්මක වන බව පැවසීම සේවයෙහි නිරත වන බස් හිමියන් හට ගැටලුවක් බවටයි බස් රථ සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

අඩුම ඒ සඳහා දිනයක කාලයක් හෝ තබා එම සංශෝධනය ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට වඩාත් පහසුදායී වන බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම බස් රථ ගාස්තු සංශෝධනය වීමෙන් පසුව සෑම බස් රථයකම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන බස් රථ ගාස්තු ලැයිස්තුව ප්‍රදර්ශනය කිරීමට ද අවම දින කිහිපයක් ගත වන බවට ද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

මෙවර බස් රථ ගාස්තු අඩු කිරීමේ දී බස් රථ සේවක මහතුන්ට පමණක් වාසි වන බවත්; බස් රථ හිමිකරුවන්ට හෝ ජනතාවට ඉන් ප්‍රතිලාභයක් වී නොමැති බවයි අද පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ.

එබැවින් මාරු කාසි ගැටලුවක් සිදු ව ඇති බැවින් යම් කිසි නව තාක්ෂණික ක්‍රමවේදය යටතේ කාඩ්පතක් හෝ මගී ජනතාවට ලබා දී මෙලෙස බස් රථ ගාස්තු සංශෝධනයක් සිදු කළේ නම් රජයට විශාල යහපත් ප්‍රතිචාරයක් සිදුවනු ඇති බව ද ගැමුණු විජේරත්න මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?