බස් ගාස්තු සංශෝධනය කළ ක්‍රමය ගැන ගැමුණුගෙන් අප්‍රසාදයක් (වීඩියෝ)

ඉන්ධන මිල අඩු කළ දිනට පසුදින ම බස් ගාස්තු සංශෝධනය කිරීම ප්‍රායෝගික නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

සභාපතිවරයා පෙන්වාදෙන්නේ 30 වැනි දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කළ ද, ඊයේ (01) පස්වරුවේ බස් රථ ගාස්තු සංශෝධනයට තීරණය කළ බවයි.

නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අදාළ බස් රථ ගාස්තු සංශෝධනය පිළිබඳ ව නව සංශෝධිත පත්‍ර රියදුරු හා කොන්දොස්තරවරුන් වෙත යාමටත් පෙර පහත දැමුණු ගාස්තු ප්‍රවේශ පත්‍ර ඊට පසුදින උදෑසන සිට ක්‍රියාත්මක වන බව පැවසීම සේවයෙහි නිරත වන බස් හිමියන් හට ගැටලුවක් බවටයි බස් රථ සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

අඩුම ඒ සඳහා දිනයක කාලයක් හෝ තබා එම සංශෝධනය ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට වඩාත් පහසුදායී වන බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම බස් රථ ගාස්තු සංශෝධනය වීමෙන් පසුව සෑම බස් රථයකම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන බස් රථ ගාස්තු ලැයිස්තුව ප්‍රදර්ශනය කිරීමට ද අවම දින කිහිපයක් ගත වන බවට ද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

මෙවර බස් රථ ගාස්තු අඩු කිරීමේ දී බස් රථ සේවක මහතුන්ට පමණක් වාසි වන බවත්; බස් රථ හිමිකරුවන්ට හෝ ජනතාවට ඉන් ප්‍රතිලාභයක් වී නොමැති බවයි අද පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ.

එබැවින් මාරු කාසි ගැටලුවක් සිදු ව ඇති බැවින් යම් කිසි නව තාක්ෂණික ක්‍රමවේදය යටතේ කාඩ්පතක් හෝ මගී ජනතාවට ලබා දී මෙලෙස බස් රථ ගාස්තු සංශෝධනයක් සිදු කළේ නම් රජයට විශාල යහපත් ප්‍රතිචාරයක් සිදුවනු ඇති බව ද ගැමුණු විජේරත්න මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05