බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වන දින බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

ඒ අනුව, 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුකොටගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස් රථ මාදිලි, ඇමෙරිකානු ඩොලරයේ සිදු වන උච්ඡාවචනයන් අනුව බස් රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පත්ල පහත් ලංකා මෙට්‍රො ට්‍රාන්සිට ප්‍රයිවට ලිමිටඩ් යටතේ ධාවනය වන බස් රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, මහජනතාවට අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සැපයීම සහ බස් කර්මාන්තයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දැනට පවත්නා බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම, සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලැබ ඇති ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41
Video thumbnail
බුදු අම්මෝ මේ විපක්ෂ පාතාලය එක්කනේ ගණුදෙනු කරලා තියෙන්නේ
14:46
Video thumbnail
නලින්දට අනගාතයේ දී අනිවාර්යෙන් දඬුවම් දෙනවා
01:24
Video thumbnail
තව ටිකක් කල් යනකොට දෙයියන්ගෙම පිහිටයි - දොලවත්ත ආණ්ඩුවේ වැරදි කියලා හොඳටම අමතයි
03:34
Video thumbnail
රටම කතාකරපු පුංචි දියණියගේ තවත් වීඩියෝවක් එළියට
00:46
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල බලන්න නිවසට ආ පුලතිසි රාජා - කොහොමද මෛත්‍රිපාලට තියෙන ආදරය
01:40
Video thumbnail
ඇමතිතුමෝ තොට ලැජ්ජාවක් නැද්ද.. ලැජ්ජයි.. ලැජ්ජයි.. ලැජ්ජයි
03:02
Video thumbnail
ජනපති එක්ක මට ඩීල් නෑ - මරික්කාර්ට කේන්ති යයි
17:45