AFC Banner
AFC Banner
Empty Ad

බස්රථ දෙකක රියදුරුවරු හා කොන්දොස්තරවරු ගුටි ඇනගෙන හොස්පිට්ල්

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක රියදුරන් හා කොන්දොස්තරවරුන් පිරිසක් අතර ඊයේ (05) සවස ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මන්නාරම- දියතලාව සහ වැලිමඩ – මහියංගන නගර අතර ධාවනය වන පෞද්ගලික බස් රථ දෙකක රියදුරු කොන්දොස්තරවරුන් සිව්දෙනෙක්.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනකු මීගහකිවුල දිසා රෝහලටත් අනෙක් දෙදෙනා බදුල්ල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

මාර්ග කාලසටහන් සම්බන්ධ සිද්ධියක් මුල්කරගනිමින් ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතින් පයින් හා පොලුවලින් පහරදීමෙන් සහ සපා කෑමෙන් මොවුන්ට තුවාල සිදු ව තිබෙනවා.

කන්දකැටිය හා බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?