AFC Banner
AFC Banner
Empty Ad

බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු 11 දෙනෙකුට තුවාල

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් ඇතුළු 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර අද (16) දහවල් 1.15ට පමණ සිදු ව ඇත්තේ තංගල්ල – වීරකැටිය මාර්ගයේ ගොඩවානගොඩ – 3 කණුව ප්‍රදේශයේදියි.

වලස්මුල්ල සිට තංගල්ල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් එහි පසුපසින් පැමිණි තවත් බස් රථයක් සමග කරට කර ධාවනය කිරීමට යාමේ දී එක් බස් රථයක් තිරිංග තදකර තිබෙනවා.

එහිදී බස් රථ දෙක එකිනෙක ගැටී ඇති අතර එම වරද කළ රියදුරු පලා ගොස් ඇති බවයි තංගල්ල පොලිසිය පැවසුවේ.

පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?