Empty Ad
AFC Banner
Empty Ad

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌවට දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?