බස්නාහිර පළාතේ පාසැල් වල, සියලු ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කිරීමට අවසර

බස්නාහිර පළාතේ පාසැල් වල, සියලු ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද පැවති කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා වන සෞඛ්‍ය අංශ නිර්දේශ මේ වනවිට සිය අමාත්‍යංශයට ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික උපකාරක පංති ආරම්හ කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය නිර්දේශ තව දුරටත් අධ්‍යනය කරමින් සිටින බව පැවසු අධ්‍යාපන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ පාසල් ගුරුවරුන් හට කොවිඩ් 19 එන්නත් කරණයේදී, ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?