බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සමගින් ජපන් ආයෝජකයෝ බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ඡාවක

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළා.

බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්වයක දී වුවත් විදුලිබලය අවශ්‍ය වන රෝහල්, ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානවලට අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම සහතික කෙරෙන ජපානයේ දැනට ප්‍රායෝගිකව භාවිතා වන නව තාක්ෂණය බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් කෙරුණු බවයි.

එවන් විශේෂ ව්‍යාපෘතියකට අදාළ පුරෝගාමී (Pilot Project) ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී යෝජනා කෙරුණු අතර, ඊට අමතරව මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා භවිත කළ හැකි නවීන විසඳුම් යෝජනා ද සාකච්ඡාවට ලක් කෙරුණා.

නව රජයේ විනිවිද පෙනෙන සුළු හා විවෘත ආයෝජන ප්‍රතිපත්ති ජපන් ආයෝජකයින් තුළ මෙරට විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම කෙරෙහි විශාල දිරිගැන්වීමක් වී ඇති බවත්, විශේෂයෙන් විදුලි බල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා තමන්ගේ විශේෂ අවධානයට ලක් වී ඇති බවත් එම ආයෝජකයින් අමාත්‍යවරයාට පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?