බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සමගින් ජපන් ආයෝජකයෝ බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ඡාවක

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළා.

බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්වයක දී වුවත් විදුලිබලය අවශ්‍ය වන රෝහල්, ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානවලට අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම සහතික කෙරෙන ජපානයේ දැනට ප්‍රායෝගිකව භාවිතා වන නව තාක්ෂණය බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් කෙරුණු බවයි.

එවන් විශේෂ ව්‍යාපෘතියකට අදාළ පුරෝගාමී (Pilot Project) ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී යෝජනා කෙරුණු අතර, ඊට අමතරව මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා භවිත කළ හැකි නවීන විසඳුම් යෝජනා ද සාකච්ඡාවට ලක් කෙරුණා.

නව රජයේ විනිවිද පෙනෙන සුළු හා විවෘත ආයෝජන ප්‍රතිපත්ති ජපන් ආයෝජකයින් තුළ මෙරට විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම කෙරෙහි විශාල දිරිගැන්වීමක් වී ඇති බවත්, විශේෂයෙන් විදුලි බල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා තමන්ගේ විශේෂ අවධානයට ලක් වී ඇති බවත් එම ආයෝජකයින් අමාත්‍යවරයාට පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30