බලගතු සූර්ය කුණාටුවක් පෘථිවියට පහර දෙයි

දශක දෙකකට වැඩි කාලයක් තුළ ඇති වූ බලවත්ම සූර්ය කුණාටුව සිකුරාදා (ඊයේ) දිනයේ පෘථිවියට පහර දුන්නා.

එය ටස්මේනියාවේ සිට බ්‍රිතාන්‍යය දක්වා අහසේ දර්ශනීය ආකාශ ආලෝක සංදර්ශන අවුලුවාලූ අතර, ‘අවුරෝරා බොරයාලිස්’ හෙවත් උතුරු එළි සංසිද්ධිය ලෙස එය හඳුන්වනු ලබනවා.

සූර්යාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් මෙම තත්ත්වයට හටගෙන තිබූ අතර, මෙම තත්ත්වය චන්ද්‍රිකා සහ විදුලිබල ජාලවලට බාධාවන් හා තර්ජනයක් එල්ල කරනු ඇති බවයි ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ (NOAA) අභ්‍යවකාශ කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

2003 ඔක්තෝම්බර් හි “හැලොවීන් කුණාටු” ස්වීඩනයේ විදුලිය විසන්ධි කිරීමට සහ දකුණු අප්‍රිකාවේ යටිතල පහසුකම්වලට හානි කිරීමට හේතු වූ පසු පෘථිවියට බලපෑ පළමු බලවත්ම සූර්ය කුණාටුව මෙයයි.

මෙම තත්ත්වයත් සමඟ යුරෝපා රටවල අහස රෝස සහ කොළ පැහැයෙන් වර්ණවත් වී තිබු අතර, එය යුරෝපා වැසියන්ට අලුත් අත්දැකීමක් වුණා.

කෙසේ වෙතත් ඉදිරි දිනවලදී තවත් සූර්යාගේ කිරීටක ස්කන්ධ පිටකිරීම් පෘථිවියට පහර දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවයි විද්‍යාඥන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
6
+1
12
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47