AFC Banner
AFC Banner
Empty Ad

බයිඩන් තාත්තා පුතාට ජනපති සමාව දෙයි

ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් තම පුත්‍රයාවන හන්ටර් බයිඩන්ට ජනධිපති සමාව ලබා දී තිබෙනවා.

ජනධිපති සමාව ලබාදෙමින් ජෝ බයිඩ නිවේදනය කළේ ෆෙඩරල් බදු සහ ගිනිඅවි වැරදි සම්බන්ධයෙන් මේ මාසයේ දඬුවම් නියම වූ තම පුත් හන්ටර් බිඩෙන්ට සමාව දුන් බවයි.

නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන 54 වියේ පසුවන හන්ටර් බයිඩන් බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඊට අමතරව ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි කාලය තුළ ගිනි අවියක් මිල දී ගෙන එය සන්තකයේ තබා ගැනීම යන වරදට එරෙහිව දඬුවම් නියමව සිටියා.

ඒ, අනුව එම වරද දෙකට ජනාධිපති සමාව ලබාදුන් ජෝ බයිඩන් පවසා සිටියේ තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාවදීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ජෝ බයිඩන් සිය බලතල භාවිතය කරමින් සිදුකළ මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චෝදනා කර සිටියේ.

මේ අතර මෙම නිල සමාවදීම නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ අවලංගු කළ නොහැකි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?