බයිඩන් ඇමරිකානු ජනපතිවරණ සටනින් ඉවතට – කමලා හැරිස් මැතිවරණයට

ඇමරිකානු ජනාධිපතිවරණ සටනින් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත්ව තිබෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් ඔහු මෙම සටනින් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය වත්මන් උප ජනාධිපති ලෙස කටයුතු කරන කමලා හැරිස් නම් කරන බවයි ජෝ බයිඩන් සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් තරග වදින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට කමලා හැරිස් පත්ව තිබෙනවා.

මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව බවට කමලා හැරිස් පත්වනු ඇති.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට ඔහුගේ වයස ද ප්‍රධාන සාධකයක්ව තිබෙනවා.

ජෝ බයිඩන් මේ වනවිට 81 වන වියේ පසුවනවා.

252525 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15