AFC Banner
Empty Ad
Empty Ad

බයිඩන් ඇමරිකානු ජනපතිවරණ සටනින් ඉවතට – කමලා හැරිස් මැතිවරණයට

ඇමරිකානු ජනාධිපතිවරණ සටනින් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත්ව තිබෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් ඔහු මෙම සටනින් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය වත්මන් උප ජනාධිපති ලෙස කටයුතු කරන කමලා හැරිස් නම් කරන බවයි ජෝ බයිඩන් සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් තරග වදින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට කමලා හැරිස් පත්ව තිබෙනවා.

මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව බවට කමලා හැරිස් පත්වනු ඇති.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට ඔහුගේ වයස ද ප්‍රධාන සාධකයක්ව තිබෙනවා.

ජෝ බයිඩන් මේ වනවිට 81 වන වියේ පසුවනවා.

252525 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?