බයිඞ්න් අමෙරිකානු ජනපති කිරුළ අභියස

තීරණාත්මක අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. එහෙත් නිකුත් වී ඇති ඡන්ද ප‍්‍රතිඵල අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා. එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද ආසන 264 ක බලය මේ වනවිටත් පැහැදිලිව අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තවමත් හිමිව ඇත්තේ ඡන්ද ආසන 214 ක ජය පමණයි.

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නැහැ. කෙසේවෙතත් එම ප‍්‍රතිපල ද ඉක්මනින් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ශිතයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ධූරය හිමිකර ගැනීමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපල තමා දැනටමත් හිමිකරගෙන සිටින  බවයි ජෝ බයිඞ්න් පවසන්නේ. එසේ වුවහොත් බයිඞ්න් ඉදිරි වසර 4 ක කාලය  සදහා අමෙරිකානු මුල් පුටුව හිමිකරගනු ඇති.

එහෙත් ඉතිරි වී ඇති ඡන්ද ගණන් කිරීම නවතා දැමීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන  බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊයේ ප‍්‍රකාශ කලා. ඒ අනුව බයිඞ්න් හමුවේ පහසුවෙන් ජනාධිපති කිරුල අතහැරීමට ට‍්‍රම්ප් කටයුතු කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ අයවැයට පක්ෂව ඡන්දේ දීපු විපක්ෂ මන්ත්‍රීවරිය පක්ෂ මූලස්ථානයට
06:08
Video thumbnail
අජිත් පෙරේරා මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..විනාඩි 2න් කිව්වත් පැය බාගයෙන් කිව්වත් වැරදිනම් වැරදි
06:56
Video thumbnail
මම පාර්ලිමේන්තුව ආවේ තොසේ කන්න නෙමෙයි
01:16
Video thumbnail
අධ්‍යාපනයේ පියා ළඟට යන්න විපක්ෂය සැරසෙයි
05:55
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56


?