බයිඞ්න් අමෙරිකානු ජනපති කිරුළ අභියස

තීරණාත්මක අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල තවමත් නිකුත් වී නැහැ. එහෙත් නිකුත් වී ඇති ඡන්ද ප‍්‍රතිඵල අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා. එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද ආසන 264 ක බලය මේ වනවිටත් පැහැදිලිව අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තවමත් හිමිව ඇත්තේ ඡන්ද ආසන 214 ක ජය පමණයි.

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නැහැ. කෙසේවෙතත් එම ප‍්‍රතිපල ද ඉක්මනින් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ශිතයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ධූරය හිමිකර ගැනීමට ප‍්‍රමාණවත් ප‍්‍රතිපල තමා දැනටමත් හිමිකරගෙන සිටින  බවයි ජෝ බයිඞ්න් පවසන්නේ. එසේ වුවහොත් බයිඞ්න් ඉදිරි වසර 4 ක කාලය  සදහා අමෙරිකානු මුල් පුටුව හිමිකරගනු ඇති.

එහෙත් ඉතිරි වී ඇති ඡන්ද ගණන් කිරීම නවතා දැමීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන  බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊයේ ප‍්‍රකාශ කලා. ඒ අනුව බයිඞ්න් හමුවේ පහසුවෙන් ජනාධිපති කිරුල අතහැරීමට ට‍්‍රම්ප් කටයුතු කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39