බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – තවත් පුද්ගලයෙකුට බරපතළයි (ඡායාරූප)

තලවකැලේ පොලිස් වසමට අයත් මඩකුඹුරවත්තේ ගසක නැග අතු කැපීමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදී එල්ල වු බඹර ප්‍රහාරයකින් ගසේන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත් ව ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.

මෙම සිදුවීම අද (20) පෙරවරුවේ සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 31 හැවිරිදි එක් දරු පියෙක්.

මරණකරු තවත් පුද්ගලයෙකු සමග ගාන්ඩිස් වර්ගයේ ගසක අතු කැපීමට ගොස් ඇති අතර එහි අතු කපමින් සිටින අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුණා.

ගස පාමුල සිටි පුද්ගලයාද බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බඹරුන් පහරදෙන අවස්ථාවේ ගස මත සිටි පුද්ගලයා බියට පත් වී ගසෙන් පහළට ඇද වැටෙන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන තලවකැලේ පොලිසිය සඳහන් කරන්නේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, ගසෙන් වැටී ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පවසනවා.

01 12
02 8
5 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47