බඹර ප්‍රහාරයකට ලක්වූ සිසුන් පිරිසක් රෝහලේ

ලිදුල නාගසේන ප්‍රදේශයේ ප්‍රාථමික අංශයේ සහ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් 20 දෙනෙකුට , එම පාසලේ ගුරුවරයෙකුට සහ තුවාල ලැබු සිසුවෙකුගේ මවකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු 22 දෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

(28) දින පස්වරු 1.30 ට පමණ පාසල නිමා වන අවස්තාවේ පාසල අසල තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවකට බඹරුන් ඇවිස්සි පාසල් නිමා වි නිවාස කරා යමින් සිටි ළමුන්ට බඹරුන් දෂ්ඨ කර ඇති බවත්, එම අවස්තාවේ පාසලේ ගුරුවරුන් විසින් පාසල් නිමා වි යන ළමුන්ව යලිත් පාසල තුලට රැගෙන ගොස් ඇති අතර, පාසල තුලට ඇතුල් වු බඹරුන් සිසු සිසුවියන්ට , ගුරුවරයෙකුට සහ මවකට පහර දි ඇති බවයි ලිදුලි පොලිසිය කියා සිටියේ.

තුවාල ලැබුවන් අතර පාසල් සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 09 දෙනෙකු සිටින බවත්, තුවාල ලැබු සියළුම සිසු සිසුවියන් ලිදුලි ප්‍රදේශයේ ප්‍රාථමික අංශ පාසලක සහ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බවයි පොලිසිය කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බව ලිදුලි ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?