බම්බලපිටියේ ඩ්‍රෝන යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

බම්බලපිටිය දුම්රියපොළ අසල ආපනශාලාවක්  ඉදිරිපිට සිට අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

ඒ, ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක 23 මහලේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති ගුවන් ආරක්ෂක අංශයේ  මුරපොළේ රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරීන්  මෙම ඩ්‍රෝන කැමරාව නිරීක්ෂණය කර එම පුද්ගලයා සහ  කැමරාව ඔවුන්ගේ භාරයට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් එම සිසුවා මෙන්ම ඩ්‍රෝන කැමරාව සහ එය හැසිරවීම සඳහා යොදාගත් උපකරණය මෙන්ම ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර ඇත්තේ දුම්රියපොළ ඉදිරිපිට පිහිටා ඇති ආපනශාලා සමූහයට වසරක් පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?