බඳින තුවක්කු දෙකක් පත්තු වී පොලිස් නිලධාරියෙක් සහ තවත් පුද්ගලයෙක් රෝහලේ

තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් උඩවලව – තණමල්විල මාර්ගයේ ආරක්ෂක රාජකාරි කටයුත්තකට ගමන් කරමින් සිටියේ දී තණමල්විල, විජයපුර ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පැන දිවගොස් ඇති අතර, ඔහු පසුපස පොලිස් නිලධාරීන් ලුහුබැඳ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ලුහුබඳින අතර වාරයේ ඉඩම තුළ අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියා තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පියපුතු දෙපළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර වාකරේ, කට්ටමුරු ප්‍රදේශයේ දී සතුන්ට අටවා තිබූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කදිරවේලි ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මේ වනවිට වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21