බන්ධනාගාර 10ක රැඳවියන් ආපදාවට පත්වූවන් වෙනුවෙන් ආහාර වේලක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් මෙලෙස සිය දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?