බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ අය බලන්න සෞඛ්‍ය ඇමති රෝහලට

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත පැමිණෙනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා ජාතික රෝහලේ 72,79 වාට්ටු වල සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් වෙත පෞද්ගලිකව ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ අතර, ඔවුනගෙන් ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් ගතයුතු ඉදීරි පියවරයන් පිළිබඳව ද සොයා බැලුවා.

අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය, හෙද ඇතූළු රෝහල් කාර්ය මණ්ඩලය සමඟ මෙන්ම රෝහල් පරිපාලනය සහ බන්ධනාගාර නිලධාරීන් සමඟද ප්රතිකාර සේවාවන් මෙන්ම හදිසි අවශ්යතා සහ අනෙකුත් සේවා සැපයීම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා.

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමෙන් තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 29ක්.

ඒ අතර නිලධාරීන් 15 සහ රැඳවියන් 14 ක් වනවා.

මෙම පිරිස අතරින් 12 දෙනෙක් දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted