බන්ධනාගාරයෙන් ඇසෙන සතුටුදායක පුවත

අ:පො:ස (උ:පෙළ) විභාගය සඳහා නව මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේ රැදවියන් තිදෙනෙකු පෙනී සිටියා. මෙලෙස ඉදිරිපත් වී සිටියේ 2021 වර්ෂයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත් වන ලද අ:පො:ස (උ:පෙළ) විභාගය සඳහායි.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ එල්.ටී.ටී.ඊ රැඳවියෙකු විසින් විභාගයට පෙනී සිටි රැඳවියන්ගෙන් ඉහළ ම ප්‍රතිඵලය ලබා ගෙන තිබෙනවා.ඔහු කලා විෂය ධාරාවෙන්, උසස් පෙළට පෙනී සිට භුගෝල විද්‍යාව විෂය සඳහා සම්මාන සාමාර්ථයක් ද, හින්දු ශිෂ්ඨාචාරය විෂය සඳහා සම්මාන සාමාර්ථයක් ද හා දමිළ භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ද වශයෙන් ලබා ගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?