AFC Banner
AFC Banner
Empty Ad

බන්ධනාගාරගත ඉන්දියානුවෙකු සතුව තිබී හමුවූ දේ

අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් ඉන්දියන් ජාතික රැඳවියකු ලඟ තිබූ ජංගම දුරකථන 03 ක් සහ තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය “සී” කොටසේ දී හදිසි සෝදීසි කිරිමක් ඊයේ (31) දින සිදුකරනු ලැබුවා.

මෙහිදී ඉන්දියන් ජාතික රැඳවියෙකු රඳවා සිටින සිර මැදිරිය හා එම රැඳවියා සෝදිසි කර ඇති අතර එහිදී රැඳවියාගේ ගමන් මල්ල තුල ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන සිටි අදාළ උපකරණ හමුවූ බවයි පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

සිම්පතක් සහිත ජංගම දුරකථන 03ක් සහ චාජර් 02ක් මෙම අවස්ථාවේ විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?