බදු අය කිරීම කාර්යක්ෂම කරන්න නීති හදන්න සාකච්ඡා (වීඩියෝ)

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කළ යුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙන ඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ පැහැදිලි කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට අවස්ථා කීපයකදී ගෙන්වා සාකච්ඡා කළ අතර එහිදී හදුනාගත් ගැටළු ගණනාවක් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ ඔනෑම පුද්ගලයකුට බදු නොගෙවා වසර 15 සිටිය හැකි බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ලිපිගොනුවක් තක්සේරු කිරීම සඳහා පවතින පනත යටතේ මාස 30 සහ අභියාචනා සලකා බැලීම සඳහා තවත් මාස 24 පවතිනවා.

ඒ අනුව බදු ලිපිගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මාස 54කට අධික කාලයක් පවතින අතර ඉන්පසු බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ පසු පනතට අනුව ඔවුන්ට වසර 2 කාලයක් ඒ සඳහා හිමි වන බවද හෙතෙම සඳහන් කළා. ඉන් පසු අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි බවත් මේ සඳහා ආසන්න වශයෙන් වසර 15 කට අධික කාලයක් ගත වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ කළේ 2023.06.30 දිනයට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 අතර විවිධ හේතු මත අයකර ගැනීමට නොහැකිව පවතින මුදල රුපියල් බිලියන 767ක් බවයි.

එමෙන්ම අය කර ගත හැකි මුදල් රුපියල් බිලියන 175 බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එමෙන්ම හිඟ බදු මුදල් ලෙස මෙම වසර තුළ රුපියල් බිලියන 37ක මුදලක් අයකර ගෙන ඇති බව නිලධාරීන් වැඩි දුරටත් පැහැදිලි කර තිබෙනවා.

සෑම වසරකම නොවැම්බර් 30 වනදා හෝ ඊට පෙර බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණු පසු ඉන් අනතුරුව ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළ නිලධාරීන්ගෙන් පෙන්වා දුන්නේ එම බදු වාර්තාව ලැබුණු පසු අදාල නිලධාරියා එම තොරතුරු RAMIS පද්ධතියට ඇතුලත් කරන අතර ගැටළු පවතින අවස්ථා හදුනා ගැනීම සිදු කරන බවයි.

ඉන් අනතුරුව විගණනයක් සිදු කරන බව සහ ඇතැම් අවස්ථාවන්හීදී යම් පැහැදිලි කිරීම් සිදු කිරීම සඳහා වැඩිදුර තොරතුර ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද ඔවුන් පෙන්වා දුන්නා. එසේ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවන්හිදී බොහෝවිට බදු හිමියන් විසින් එම තොරතුර හිතාමතාම ප්‍රමාද කරන බවයි නිලධාරීන් විසින් කාරක සභාවට පෙන්වා දෙනු ලැබුවේ.

බදු වාර්තාව නිලධාරීයා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30 තිබීම හා ඉන් අනුතුරුව කොමසාරිස් ජෙනරාල්ට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීන් පෙන්වා දුන්නා. මෙහිදී කාරක සභාව ප්‍රකාශ ක‍ළේ කොමසාරිස්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක (02) කාලය වැඩි බවත් එය මාස හයක් (06) දක්වා අඩු කිරීම යෝග්‍ය බවයි. කෙසේ වුවත් මාස 06 තුළ තීරණය ලබා නොදෙන්නේ නම් තක්සේරු මුදල වෙනස් නොවෙන බව උපකල්පනය කළ යුතු බව මෙහිදි අධිකරණ අමාත්‍යයවරයා ප්‍රකාශ කළා. මේ නිසා බදු ගෙවන්නන් බදු කොමිෂන් සභාවට අභියාචනා කරන්නේ නම් තක්සේරු මුදලින් අවම වශයෙන් 50%ක් ගෙවිය යුතු බවට පනත සංසෝධනය කළ යුතු බවටයි මෙහිදී යෝජනා වූයේ.

බදු අභියාචන කොමිෂන් සභාවේ බලතල පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව බදු අභියාචනා කොමිෂන් සභා පනතේ යම් සංශෝධනයන් සිදු කිරීම පිළිබඳව කරක සභාවේ අවධානය යොමු වුණා. දැනට දින 270 කාලයක් අභියාචනයක් විභාග කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට පවතින අතර ඒ සඳහා යම් කාල රාමුවක් ලබා දීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා. බදු අභියාචනා කොමිෂන් සභාවේදී සලකා බැලිය යුත්තේ තක්සේරු මුදල හෝ ගණනය කිරීම් පිළිබඳව පවතින ප්‍රශ්න පමණක් බවත් මුලික කාරණාවන්ට විරුද්ධතාවයක් ඇත්නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනාකිරීම සඳහා අවශ්‍ය පනතට සංශෝධනය ගෙන ආ යුතු බවත් මෙහිදි කමිටුව තීරණ කර තිබෙනවා.

දැනට පනතේ තක්සේරු කිරිම සඳහා මාස 30ක කාලය වසර එකක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවයි කාරක සභාවේ අදහස වූයේ. දීර්ඝ සාකච්ඡාවකින් පසුව කමිටුව තීරණය කළේ එම මාස 30 එසේ තැබීමටත් නමුත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය අවස්ථාවන්හිදී එම කාල සීමාව ගැසට් මගින් වෙනස් කිරීම සඳහා අවශ්‍ය බලය පනතින් ලබා දීමට කටයුතු කිරීම සුදුසු බවයි.

ඒ අනුව පනත සඳහා සංශෝධන ලෙස කොමසාරිස් ජෙනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6 තුළ ලබා දිය යුතුය බවට සහ එසේ නොවුන හොත් මුලික තක්සේරුව නිවරදි හා ස්ථිර වු බවට උපකල්පනය කරන බවට පනතට ඇතුළත් කිරීමට යෝජනා වුණා. ඒ අනුව බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ හැකියි. බදු අභියාචනා කොමිෂන් සභාව මාස හයයක් (06) ඇතුළත තීරණය ලබා දිය යුතු අතර බදු අභියාචනා කොමිෂන් සභාවට බලය ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද මුදලේ පවතින ගණනය කිරීම් දෝෂ සහගත නම් ඒ ගැන විභාග කිරීම පමණයි. අනෙකුත් ප්‍රාථමික විරෝධතාවයන් එනම් නීතියේ ප්‍රශ්න පවතීනම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකිය. අභියාචනාධිකරණයටද යම් කාල රාමුවක් හදුන්වා දිය යුතු බව, එනම් අවුරුදු එකක් ඇතුළත අභියාචනය විභාග කර අවසන් විය යුතු බව පනතේ දැක්විය යුතු බවද මෙහිදී යෝජනා වුණා.

එමෙන්ම බදු අභියාචනා විභාග කිරීම සඳහා අධිකරණ පද්ධතිය තුළ විශේෂ අධිකරණ සංකීර්ණයක් පිහිටුවීමටද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා එකඟතාවය පළ කර තිබෙනවාය.

මෙම සාකච්ඡාවේදී මතු වු කරුණු ඇතුළත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන කෙටුම්පත් කිරීම නීතිපතිවරයා හා පනත් කෙටුම්පත් සම්පාදක විසින් සිදු කිරීමටත් එම සංසෝධනය සකස් කළ පසු ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී රැස්වී නැවත සාකච්ඡා කිරීමටත් කමිටුව තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05