spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බද්දේගම මාරක රිය අනතුරකින් හමුදා සෙබළෙක් ජිවිතක්ෂයට

ඊයේ (15) දින සවස් කාලයේ බද්දේගම පොලිස් වසමේ බද්දේගම නාගොඩ මාර්ගයේ හැම්මැලිය ප්‍රදේශයේදී බද්දේගම දෙස සිට නාගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක් ඉදිරියෙන් පැමැණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වි තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු බද්දේගම රෝහලට ඇතුළත් කිරිමේදි මියගොස් තිබෙන අතර ඔහු වයස අවුරුදු 31 වන හැම්මැලිය බද්දේගම පදිංචි යුධ හමුදා සෙබළෙක්.

අනතුර සම්බන්ධයෙන් කැබ්රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය බද්දේගම රෝහලේ තැන්පත් කර ඇති අතර බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?