බද්දේගම පොලිස් වසමේ බද්දේගම, ගාලුපාරේ, සන්දරවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩු මහලේ තිබී කපා කොටා ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවලගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරක් මත ඊයේ (26) රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව මෙම දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහලේ තනිව ජීවත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ගොඩනැගිල්ලේ පහත මාලයේ ඇති විදුලි උපකරන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම්දීමක් මත පොලිසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි ප්‍රියංජලි රත්නා මල්කාන්ති නැමැති විවාහක කාන්තාවක්.
බද්දේගම පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.





