Empty Ad
AFC Banner
Empty Ad

බණ්ඩාරවෙල ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කෙරේ

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ ලැගුම්හලේ ඇඳක් මත මෙම කාන්තාව මියගොස් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඊයේ (23) සවස කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් මෙම හෝටලයේ කාමරයක් ගෙන නතර වී ඇති අතර අද උදෑසන මෙම කාන්තාව එම කාමරයට පැමිණ තිබෙනවා.

අද සවස 4.30ට පමණ එහි සිටි පිරිමි පුද්ගලයා අසාමාන්‍ය ආකාරයෙන් එළියට යාම හේතුවෙන් ඇතිවූ සැකයක් මත හෝටල් සේවකයන් විමසිලිමත් වී තිබෙනවා.

කාමරයේ දොර විවෘත වී තිබෙනු දුටු සේවකයෙකු සිදු කළ සොයා බැලීමකදී ලේ පැල්ලම් දැක බණ්ඩාරවෙල පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බවටයි.

එමෙන්ම සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දියතලාව රෝහලට රැගෙන යාමට නියමිතයි.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
3
+1
5
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්නම බැරි තැන මුජිබර් එක පාරට නැඟිටියි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:28:58
Video thumbnail
ටොනික් මූඩිවලින් කරපු අලුත් සෙල්ලම...
01:12
Video thumbnail
සඳුදාගෙන් පස්සේ රටේම තෙල් නෑ - තෙල් බෙදුම්කරුවන් හදිසියේ මාධ්‍ය කැඳවයි - විශේෂ හෙළිදරව්ව මෙන්න
16:47
Video thumbnail
තෙල් හිඟයක් නෑ ...මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පල්කාරී වැඩක්
06:02
Video thumbnail
ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ නිසල දේහය ඉස්සරහා දියණිය සහ සැමියා හඬා වැටෙන හැටි
06:08
Video thumbnail
එක රැයින් කොළඹ ලයිට් ඕෆ් කරනවා - කොහොම බලයක්ද ? කෝපා කමිටුව උණුසුම් කළ නගර සභාව
22:47
Video thumbnail
තුන්සකරියත් ආණ්ඩුවට දෙහි කපයි...
01:17
Video thumbnail
කොන්දක් තියෙනවනම් එළියට එන්න - ආශු අධිකරණ ඇමතිට සැර කරයි
15:18
Video thumbnail
තුන්සකරියත් ආණ්ඩුවට දෙහි කපයි...
04:28

?