බණ්ඩාරවෙල ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කෙරේ

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ ලැගුම්හලේ ඇඳක් මත මෙම කාන්තාව මියගොස් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඊයේ (23) සවස කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් මෙම හෝටලයේ කාමරයක් ගෙන නතර වී ඇති අතර අද උදෑසන මෙම කාන්තාව එම කාමරයට පැමිණ තිබෙනවා.

අද සවස 4.30ට පමණ එහි සිටි පිරිමි පුද්ගලයා අසාමාන්‍ය ආකාරයෙන් එළියට යාම හේතුවෙන් ඇතිවූ සැකයක් මත හෝටල් සේවකයන් විමසිලිමත් වී තිබෙනවා.

කාමරයේ දොර විවෘත වී තිබෙනු දුටු සේවකයෙකු සිදු කළ සොයා බැලීමකදී ලේ පැල්ලම් දැක බණ්ඩාරවෙල පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බවටයි.

එමෙන්ම සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දියතලාව රෝහලට රැගෙන යාමට නියමිතයි.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
3
+1
5
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48