බංග්ලාදේශ – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේ වනවිට (22) මීර්පූර්හි දී ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පිතිකරණය තෝරාගත් අතර ඔවුන් සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 106ක් ලබා ගත්තා.

පළමු ඉනිමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ Mahmudul Hasan Joy පමණයි.

ඔහු ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී කගිසෝ රබාඩා,වියාන් මල්ඩර් සහ කේෂව් මහරාජ් කඩුලු 03 බැගින් බිඳ දැමුවේ එක් කඩුල්ලක අයිතිය ඩේන් පියෙඩ් හට හිමිකර දෙමින්.

ඉන් අනතුරුව සිය පිතිකරණයේ පළමු ඉනිම අරඹා සිටින දකුණු අප්‍රිකානු මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 201ක් ලබා සිටිනවා.

07 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින Kyle Verreynne නොදැවී ලකුණු 57ක් සහ Wiaan Mulder නොදැවී ලකුණු 40ක් ලබා සිටිනවා.

බංග්ලාදේශය වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම් කඩුලු 05කට වගකීමට සමත් වූ අතර හසාන් මහ්මුද් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ දකුණු අප්‍රිකාව සයවැනි ස්ථානයේ හා බංග්ලාදේශය හත්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?