බංග්ලාදේශ – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේ වනවිට (22) මීර්පූර්හි දී ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පිතිකරණය තෝරාගත් අතර ඔවුන් සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 106ක් ලබා ගත්තා.

පළමු ඉනිමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ Mahmudul Hasan Joy පමණයි.

ඔහු ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී කගිසෝ රබාඩා,වියාන් මල්ඩර් සහ කේෂව් මහරාජ් කඩුලු 03 බැගින් බිඳ දැමුවේ එක් කඩුල්ලක අයිතිය ඩේන් පියෙඩ් හට හිමිකර දෙමින්.

ඉන් අනතුරුව සිය පිතිකරණයේ පළමු ඉනිම අරඹා සිටින දකුණු අප්‍රිකානු මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 201ක් ලබා සිටිනවා.

07 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින Kyle Verreynne නොදැවී ලකුණු 57ක් සහ Wiaan Mulder නොදැවී ලකුණු 40ක් ලබා සිටිනවා.

බංග්ලාදේශය වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම් කඩුලු 05කට වගකීමට සමත් වූ අතර හසාන් මහ්මුද් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ දකුණු අප්‍රිකාව සයවැනි ස්ථානයේ හා බංග්ලාදේශය හත්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14