බංග්ලාදේශ ජනපති සිය ධුරය අත්හැරීමේ තීරණයක

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් පෙබරවාරි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තම ධුර කාලය මැදදී ඉල්ලා අස්වීමට සැලසුම් කරන බව රොයිටර්ස් සමග පැවති සාකච්ඡාවක දී පවසා තිබෙනවා.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයේ කටයුතු සම්බන්ධයෙන් තමාට නින්දාවක් දැනුණු බවයි ඔහු පවසා ඇත්තේ.

රාජ්‍ය නායකයා ලෙස, ෂහාබුදීන් සන්නද්ධ හමුදාවන්හි අණදෙන නිලධාරියා වන නමුත්, එම භූමිකාව බොහෝ දුරට චාරිත්‍රානුකූල වන අතර, විධායක බලය රටේ අගමැති සහ කැබිනට් මණ්ඩලය සතුයි.

කෙසේ වෙතත්, ශිෂ්‍ය නායකත්වයෙන් යුත් අරගලයක් හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනාට 2024 අගෝස්තු මාසයේදී නවදිල්ලියට පලා යාමට සිදු වූ විට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඉතිරිව ඇති අවසාන ව්‍යවස්ථාපිත අධිකාරිය ලෙස ඔහු ඉතිරි වූ විට ඔහුගේ තනතුර ප්‍රමුඛස්ථානයට පත්වුණා.

75 හැවිරිදි ෂහාබුදීන්, පෙබරවාරි 12 පැවැත්වීමට නියමිත මැතිවරණයට තරඟ කිරීම තහනම් කර ඇති හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ නාමිකයෙකු ලෙස 2023 දී වසර පහක කාලයක් සඳහා තේරී පත් වුණේ නිතරගයෙන්.

මත විමසුම්වලින් පෙනී යන්නේ හිටපු අගමැතිනි කලීඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ දැඩි මතධාරී ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය ඊළඟ රජය පිහිටුවීම සඳහා පෙරමුණ ගනු ඇති බවයි.

ඔවුන් 2001 සහ 2006 අතර බංග්ලාදේශය පාලනය කළ සන්ධානයේ කොටස්කරුවන් වුණා.

යූනුස් මාස හතකට ආසන්න කාලයක් තමා හමුවී නොමැති බවත්, සැප්තැම්බර් මාසයේදී ඔහුගේ ඡායාරූප ලොව පුරා බංග්ලාදේශ තානාපති කාර්යාලවලින් ඉවත් කර ඇති බවත් ජනාධිපතිවරයා රොයිටර්ස් සමගා සාකච්ඡාවේ දී පවසා තිබෙනවා.

“ජනාධිපතිවරයා ඉවත් කිරීමට යන බවට වැරදි පණිවිඩයක් ජනතාවට යවනවා. මට ගොඩක් නින්දාවක් දැනුණා.” ජනාධිපති ෂහාබුදීන් පවසනවා.

වසර 20 ක් පාලනය කළ අගමැති හසීනා පලා ගිය පසු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළේ දැයි විමසූ විට, ජනාධිපතිවරයා ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?