AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ කාන්තා A කණ්ඩායමට ජයක්

බංග්ලාදේශ කාන්තා A කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට තවත් පරාජයක් උරුම වුණා.

අද (12) දහවල් දෙරට අතර නිල නොවන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පැවැත්වුණේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ දී යි.

පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 112ක් ලබා ගත්තා.

කෞෂිනී නෘත්‍යාංගා ලකුණු 43ක් සහ නෙත්මි පූර්ණා ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆාතිමා චතුන් කඩුලු 03ක් බිඳ දැමුවේ ලකුණු 12කටයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා A කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 05ක් අවසානයේ දී සිය ජයග්‍රහණය කඩුලු 03ක් පමණක් තිබියදී දිනා ගත්තා.

ශමිමා සුල්ටාන් ලකුණු 48ක් ලබාගත් අතර ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් මල්ෂා ශෙහානි ලකුණු 22කට කඩුලු 02යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?