UPDATE – පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි වුණා.

මීට ටික වේලාවකට (24) පෙර අදාළ තරගය බංග්ලාදේශයට එරෙහිව මීර්පූර් හි දියි නිමාවට පත් වූයේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට බංග්ලාදේශය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 106ක් පමණි.

ඒ අනුව දකුණු අප්‍රිකාව තරගය ජය ගන්නා විට කඩුලු 03ක් දැවී ලකුණු 106ක් ලබා සිටියා.

Tony de Zorzi ලකුණු 41ක් සහ Tristan Stubbs ලකුණු 30ක් ලබාගත්තා.

දෙවැනි ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ බිඳ වැටුණු කඩුලු 03ම ලබාගත්තේ බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම් විසින්.

ඒ අනුව දකුණු අප්‍රිකාවට පළමු ටෙස්ට් තරගයේ ජය හිමිවුණා.

——————————————————————————————-

බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මීර්පූර් හි දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය සඳහා සංචාරක දකුණු අප්‍රිකාවට ලකුණු 106ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම ඇරඹි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 308ක් ලබා ගත්තා.

දෙවැනි ඉනිම බංග්ලාදේශය සිය පිතිකරණය ඇරඹුවේ ලකුණු 202ක් දකුණු අප්‍රිකාවට වඩා පසුපසින් සිටිමින්.

බංග්ලාදේශය දෙවැනි ඉනිම ලකුණු 307ක දී දැවී ගියා.

මෙහිඩි හසාන් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 97ක් සහ ජැකර් අලී 58ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිම මේ වනවිට අරඹා ඇති අතර ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා සිටිනවා.

නායක Aiden Markram ලකුණු 20කට දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ Tony de Zorzi සමගින් Tristan Stubbs යි.

දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 46ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?