බංගලාදේශයේ දී තවත් හින්දු ජාතිකයෙක්ට ලොකු කරදරයක්

බංග්ලාදේශයේ හින්දු ව්‍යාපාරිකයෙකුට සාහසිකයන් විසින් අමානුෂික ලෙස පහර දී, කපා කොටා, පුළුස්සා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පහරදීමකට ලක් වූ පුද්ගලයා, 50 හැවිරිදි කොකොන් චන්ද්‍ර දාස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සිය වෙළඳසැල වසා දමා නිවසට යමින් සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

බරපතළ තුවාල සහිතව අදාළ පුද්ගලයා මේ වන විට ඩකා හි රෝහලක ප්‍රතිකාර ලබනවා.

පසුගිය දින කිහිපය පුරම බංග්ලාදේශයේ හින්දු ජනතාව ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
1
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?