බංග්ලාදේශයට ජපානයෙන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපන් ආධාර මත නිම කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නුවරදී අද විවෘත කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ප්‍රධානත්වයෙන්.

මෙම දුම්රිය ව්‍යාපෘතිය සමග දැඩි රථ වාහන තදබදයක් පවතින ඩකා නගරයේ මිලියන 20ක් පමණ වන ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ සෑම දුම්රියකම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන තිබීමයි.

අද ධාවනය ආරම්භ කෙරුණු පළමු සැහැල්ලු දුම්රියෙහි රියදුරු ලෙසට ද කටයුතු කර ඇත්තේ කාන්තාවක්.

ජපන් ආධාර මත ක්‍රියාත්මක කරනු ලැබු මෙම දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා වසර 6ක් පමණ ගතවී ඇති අතර මාර්ගයෙහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 12ක් පමණ වනවා.

මෙම දුම්රිය තවදුරටත් ව්‍යාප්ත කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ ඩකා නුවරදී අද ආරම්භ කෙරුණු දුම්රිය ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය වැනි සේවාවක් බවයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් යටතේ 2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවන ලද අතර එහි ණය පොලිය 0.1%ක් වූ බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?