බංග්ලාදේශයට ජපානයෙන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්

ජපන් ආධාර මත නිම කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් බංග්ලාදේශයේ ඩකා නුවරදී අද විවෘත කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ප්‍රධානත්වයෙන්.

මෙම දුම්රිය ව්‍යාපෘතිය සමග දැඩි රථ වාහන තදබදයක් පවතින ඩකා නගරයේ මිලියන 20ක් පමණ වන ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ සෑම දුම්රියකම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන තිබීමයි.

අද ධාවනය ආරම්භ කෙරුණු පළමු සැහැල්ලු දුම්රියෙහි රියදුරු ලෙසට ද කටයුතු කර ඇත්තේ කාන්තාවක්.

ජපන් ආධාර මත ක්‍රියාත්මක කරනු ලැබු මෙම දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා වසර 6ක් පමණ ගතවී ඇති අතර මාර්ගයෙහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 12ක් පමණ වනවා.

මෙම දුම්රිය තවදුරටත් ව්‍යාප්ත කෙරෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ ඩකා නුවරදී අද ආරම්භ කෙරුණු දුම්රිය ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය වැනි සේවාවක් බවයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් යටතේ 2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවන ලද අතර එහි ණය පොලිය 0.1%ක් වූ බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14